Skip to main content

Posts

Showing posts from May, 2014

ඔයා නැති එක දවසක්

“Its 4.00 am. Time to wake up “ ඇදෙ මෙට්ටෙට හිර වෙලා තිබ්බ ජංගමයා හඩ දෙනවා.පුරුද්දට වගේ ජංගමේ තිරේ දිහා බැලුවේ SMS මුකුත් ඇවිත් ද කියලා දැනගන්න.කළු පසුබිමේ සුදු අකුරින් තිබ්බේ 4.00 am කියලා විතරයි.එත් මිට ටික දවසකට කලින් ඔය තිරේම 3 new messages, 2 new messages, 2 miss calls කියලා වැටිලා තිබුනා.ඒ ඉස්සර.ඒ මං ගැන එතරම් හොයලා බලන කෙනෙක් එතකොට ඉදිය නිසා. එයා එක්ක chat කර කර ඉද්දි මට නින්ද ගිහින්.මිස් කෝල් තියෙන්නේ මාව ඇහැරවන්න.එයාට කියන්න ගොඩක් දේවල් තියෙන්න ඇති.එත් දවස තිස්සෙම පරිගණක තිරේ දිහා බලා ඉදලා මහන්සි වැඩි කමට මට නින්ද ගිහින් ."ඔයා නිදාගන්න පන එහෙනම් ,මහන්සි ඇති නේ ". ඒ එයා අන්තිමට දාලා තිබ්බ message එක.මට උදේ පාන්දර ඒ message එක දැක්කම එයා ගොඩක් පවු කියලා දැනෙනවා ,ඒ වගේම මම වැරදි කියලත් දැනෙනවා.මේ වැඩ ඉවර උන දවසට එයා ගැන මිට වඩා බලනවා කියලා මම මගේම හිත සනස ගන්නවා.එහෙම හිතලා "gn" කියලා reply කරන්නේ එයාගේ ආදරේ ටිකක් විදගන්න හිතාගෙන. එත් එහෙම ආදරේ විදගන්න එයා ගැන මිට වඩා හොයාලා බලන්න අද එයා මගේ ලග නෑ.එත් එයා මගේ ලග ඉතුරු කරපු ලස

Group එකට කට්ටිය මදිද? Page එකට like මදිදි? post එක හිට් වෙන්නේ නැත්ද? ඔක්කොටම විසඳුම මේක..

අද නම් ඉඳල ඉඳල ගෙනාවෙ පට්ටම දෙයක්. මේක ගොඩ දෙනෙක් දන්නවා ඇති. ඒත් මේකෙන් හරියටම ප්‍රයෝජන ගන්න ගොඩක් අය දන්නේ නෑ. ඒකයි මේ ගැන මන් පෝස්ට් 1ක් දාන්න හිතුවේ. අපි හැමෝම facebook පාවිච්චි කරනවනේ. ඒ වගේම මේ අතරින් හැමෝටම අවම වශයෙන් 1 Group එකක් හෝ Page 1 තියෙනවා. ඒත් හැමෝටම තියෙන ප්‍රශ්ණයක් තමයි එක්කෝ Group එකට කට්ටිය මදි නැත්නම් Page 1ට likes මදි. ඉස්සර මම නම් මේකට පාවිච්චි කලේ ජාවා කේතයක් ඒකෙන් එක්කෝ මගෙ යාළුවන්ව Group එකට auto add කරනව. නැත්නම් page 1ට like කරන්න invite කරවනවා. ඒත් මළ කෙලියයි මේ ලඟකදි ඉදල facebook වල console වලින් ඩිවලොප් කරන්න බෑ... (මාක් අයියට හෙණ ගහපිය) ඒත් මන් ඒකට පට්ට විසඳුමක් හොයාගත්තා. ඒකෙන් automatically අපේ page එක  like කරවනවා. කැමති අය උඩ පින්තූරෙ ක්ලික් කරල ගිහින් රෙජිස්ටර් වෙලා නොමිලේ දෙන point 50 ගන්න.  මෙයාලත් අපිට දෙනවා page like කරන්න කියල අපි ඒවා ලයික් කරනවට අපිට පොයින්ටි ලැබෙනවා.  අපි අපේ page 1ත් මේකට ඇඩ් කරන්න ඔිනි අපිට තෝරන්න පුළුවන් අපිට ලයික් ඕනි ලෝකෙ හැමතැනින්මද අපිට කැමති රටක් දෙන්නත් පුළුවන්. ඉතුරු ටිකේ තියෙනව සම්පූර

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [23 කොටස]

මා සවස ඈ සිටි පන්ති ගොඩනැගිල්ල ගියේ මගේ මිතුරන් දෙදෙනාද සමගය. ඔවුන් පිටත් කර හැරි මම ටිකක් පරක්කු වී අපේ පුංචි ගෙට් ටුගෙදර් එකට එන බව පැවසීමි. මා කිව් දෙයි යම් රහසක් සැගව ඇති බව ඔවුන්ට වැටහෙන්නට ඇතුවා නොඅනුමානය. එසේ උවද වැඩි ප්‍රශ්න නොඇසූ ඔවුහු මගේ ඉල්ලීම ඉටු කර පිටත්ව ගියහ. සවස පහ පමණ වන විට ඈ උන් පන්තිය අවසාන වූ බව මට වැටහුනේ සුපුරුදු මුහුණු කීපයක්ම ගොඩනැගිල්ලෙන් පිටතට පියනැගි නිසාය. තවත් ටිකකින් සෙනග අස්සෙන් පැමිණියේ අන් කිසිවකු නොව රුචිනි සහ ශාලිතය. ඔවුන් දෙදෙනා මා දැක එක්වරම නැවතුනත් සුලු මොහොතකින් මා දෙස බලා සිනහ වූහ. කිසිත් නොද්ත් මම පිලිතුරු සිනහවක් පෑවෙමි. ******************** "පව් ඕයි දසිත්" ශාලිත කීවේ රුචිනිට පමණක් ඇසෙන පරිදිය. "මෑන්ස් මොනව උනත් හොද කොල්ලා, අනික ඉස්කෝලෙ උනත් මිනිහට ගොඩක් උන් ෆිට්. පිළිගැනීමක් තියෙනවා" රුචිනි ශාලිත දෙස බලා සිනහ වූවාය. "ඉතින් ඔයා දැන් දසිත් ගැන හිතල උත්පලා නිකම්ම අතාරින්නද ලෑස්තිය?" "දසිත් ගැන හිතල? ඒ දෙන්න යාලු නෑ නේ?" "නැත්තෙ මොකෝ? දසිත් ඔය එන්න ඇත්තෙ උත්පලා එක්ක යන්න"

උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [22 කොටස]

කොල්ලන් කෙල්ලන් එකතු වී කතා බහ කරන තැනකි, වේලාව සවස හතරට පමණ වන්නට ඇත. ක්ලාස් එකේ විවේක කාලය නිසා බොහෝ දෙනා මෙතැනට වී වල්පල් කතා කරමින් සිටියහ. "ආහ්! අද හවස නේද අපේ ගෙට් ටොගෙද එක?" "නැතුව බං" "උඹල එනවද බන්?" "නැතුව ඉතිං, අපි නො එන ගෙට් ටුගෙදර්" කොල්ලන් කිහිප දෙනෙක් කතා බහ කරති. ඔව්. ඒ උත්පලා ඉන්නා පන්තියයි. බයෝ වැනි විශයක් කරන ඔවුන් ඉඩ ලද හැම වෙලාවකම විශයට පිටුපස හැරවීම කලයුතු වේ. නැත්නම් ඒකාකාර ජීවිතයේ විදීමක් නොමැත. "හෙලෝ රුචිනි" "හායි!" ලස්සන කටහඩකි, අසන ඕනෑම අයකු හැරී බලනවාට සැක නැත. අපිත් හැරී බලමු. ඔව් ඒ උත්පලා අකමැතිම කෙල්ලයි,  උත්පලා අකමැති වූවාට කම් නැත බොහෝ දෙනා කැමති වන කෙල්ලකි ඈ, ඕනෑම කෙනෙක් තුන් හතර වතාවක් උවද හැරී බලන තරම් ලස්සනක් ඈ සතු බැවිනි ඒ. "කොහොමද උයාලට?" අසමින් ඈ සිය මිතුරියක් සමග කතාකරමින් උන් කොල්ලන් දෙසට හැරුනාය. මොහොතක් කියෙව්වාය. "මචං රුචී, පොඩ්ඩක් එන්නකො මෙහෙට" කෙනෙක් ඈ පසෙකට කැදවීය, හොද උස මහත කොල්ලෙකි ඒ. පොහොසත්කමේ ලක්ශන ඔහුගෙන් නිරන්තරයෙන් විද්යාමාන වීම විශේශයක්