Skip to main content

Posts

Showing posts from October, 2013

කොටන්න අපේ දේ පාර්ට් 2 වල දෙවෙනි කොටස..

ලංකාවේ දෙවන බක්ස් සයිට් 1. SLBUX මෙන්න බලන්න ඉක්මන් වෙන තරමට වාසියි.. තාම උණු උණුවෙම. මේක තමයි ලංකාවෙ දෙවන බක්ස් සයිට් 1. මේක පටන් අරන් තාම සතියක් වත් නෑ ඒත් 12$ ගෙව්වා. මෙයාල මේ දවස් ටිකේ මෙම්බර්ස්ලට එක එක promotion දෙනව. පටන් ගත්ත ගමන් නිසා... පුළුවන් තරම් ඉක්මනට ගිහින් රෙජිස්ටර් වෙන්න... ඔයාලට ඕනිම ගැටළුවක් ආවොත් මම අනිවා උදව් කරනවා මේ දවස් ටිකේ ටිකක් වැඩ වැඩියි. මේ මාසෙ ඉවර වෙන්න කලින් මම මේ සයිට් 2න් 10000/= පන්නල හොයන විදිහ කියනනව අනිවා. දැන්මම රෙජිස්ටර් වෙලා. තියෙන ඇඩ් ටික ක්ලික් කරල තියාගන්න. ලංකාවේ පළවෙනි බක්ස් සයිට් 1 ගැන මෙතනින් .

ගන්න අපේ දේ පාර්ට් 2 ( කොටන්න අපේ දේ) සල්ලි දෙනව තමයි ඒත් මෙච්චර.............

අපේ දේ කෙටීම හෙවත් සුද්දාගේ ඇඩ් එපා කීම. මගෙ පෝස්ටු කියවන බුවාලට නම් අමුතුවෙන් BUX ගැන කියන්න දෙයක් නෑ... බුවාල බුවීල දන්නවනෙ.... හරියට කලොත් මෙව්ව සල්ලි මැෂින්. මේ ළඟදි ඉදල ලංකාවේ කොල්ලෝ එළි බහින්න පටන් අරගෙන නේ පස්ට විදිහට... මීට අවුරුදු 2ට විතර කලින් එළි බහින්න ගත්තනම් මේ වෙනකොට දුප්පත් අපිට පස්ට විදේශ විනිමයක් ඇවිල්ල, නැත්ද මං අහන්නේ...  මේකත් ඉතිං සිද්ධියක් තමා. මේක ලංකාවෙ පස්ට නිර්මාණයක් තමා.. මම හිතන්නෙ ලංකාවෙ 2නි BUX සයිට් 1. ( 1 වෙනි 1 මේක ඈ.)  මෙව්වගෙ වෙන වැඩේ.. කරන්නේ PTC  ඒ කියන්නේ Paid to Click තේරෙන දෙමළෙන් ක්ලික් කොරනවට ගෙවනව.. ඇයි එහෙම ගෙවන්නේ එව්ව දන්නවනෙ මගෙ බුවාල බුවීල ටික...  මේකත් ඉතිං ඔය උබල උඩ දාගෙන කොරන Neobux Probux වගේ තමා.. ක්රමෙ දන්න එවුන්ට සල්ලි උල්පතක් තමා.. 100% ලංකාවේ අපේමයි.. බය නැතුව පටන් ගන්න.. අවුලක් උනොත් ඇඩ්මින්ට සිංහලෙන්ම කියන්නත් පුළුවන්..  මේ තියෙන්නේ ඇඩ්මින් මට එවපු මැසේජ් 1 ඈ..... සැ.යු:- ඩිපොසිට් කිරීම අනිවාර්යය නැත. තව ඩිංගිත්තෙන් ලින්ක් පොජ්ජ පෝස්ටු පොජ්ජට මංද කොරන්න බැරි වෙනව ඕං එහෙනං මංද කොරා

"මට හොරෙන් ක්ලාස් එකේ කෙල්ලො දිහා බලන්ඩ මෙයාට බෑ" - උත්පලා :: ඇය ආදරයේ දෙවගන වූවාය [4 කොටස]

මම නිවසට යන විටත් දෙමාපියන් නිවසට පැමිණ නැත. අක්කා මා එන තුරු මග බලා සිටියේ මට ඇති ආදරයක් නිස නොව ඈ ගේන්නට කියූ ෆෝන් කාඩ් එක ගන්නටය. අක්කා ගෙතුලට යන්නට පෙර මම ඈ නවත්වා ගත්තෙමි, "අක්කේ පොඩ්ඩක් ඉන්නකො" "ඇයි මල්ලි?"  අක්කා මා දෙස හැරී බලා විමසුවාය. ඇගේ මුහුණේ විස්මය රැදී ඇත. මා මොකක් හෝ බරපතල දෙයක් අසන්නට යන බව ඈට ඉවෙන් මෙන් තේරුම් යන්නට ඇත. "එනවකෝ,,, ම්පොඩ්ඩක් වාඩි වෙනවකෝ" "ඔන්න" ඈ මා සමග සාලයේ පඩියේ  වාඩි වූවාය.  "මොකෝ?" "මේ උත්පලාගෙ තාත්ත නැති වෙලාද?" අක්කා මා දෙස බැලුවේ ඇත්තෙන්ම පුදුම වීය. "ඔව් මල්ලි, ඔයා කෝමද දන්නෙ?" "එයා මට කිව්ව" "පව්! ඊයෙලුනේ දානෙ තිබ්බෙත්" "මූන බැලුවම මට තේරුනා මොකක් හරි අවුලක් විත්තිය" "මේ" "ඔව්?" "තව මම නොදන්න කොච්චර දේවල් උත්පලා ගාව තියෙනවද?" "කොච්චර තිබ්බත් මොකෝ?" අක්කා ඔච්චම් සිනාවක් පෑවාය. "නෑ ඉතින් නිකමට ඇහුවෙ" "ප්ව් මල්ලි.... බලනවා ඒකි එක්ක බැලුවම අපි කොච්චර වාසනා

"ඒත් ඔයාලත් කවද හරි මගෙන් ඈත් වේවි" - උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය [3 කොටස]

ඇත්තය! අක්කා කිවූ දිනයට ඈ අප නිවසට පැමිණියාය. එහෙත් තනිව නොවේ. ඇගේ මවද, නැතිනම් අප කවුරුත් කතා කරන "කාන්ති" නැන්දා ඈ එක්කන් ආවාය. "බලන්න දුවේ, මේ කෙල්ල මේ ලෝකෙ වැඩක් කරන්නෙ නෑ" ඇගේ අම්මා කීවේ අක්කාටයි. "ගණන් එහෙම පාඩම් කරන්න පුලුවන්ද? ඈ? බෑ නේ! කොච්චර කිව්වත් ගණන් හදන්නෙ එහෙම නම් නෑ වැරදිලාවත්" කාන්ති නැන්දා නෝක්කාඩු නැගුවාය. ඇය කුමක් කීවද උත්පලා ගණන්කාරියක් බව මම හොදින්ම දැන සිටියෙමි. මටත් සමහර වෙලාවන්හි ඈ ගණන් කියා දීමට ඉදිරිපත් ඌවාය. එහෙත් මම ඒ බවක් කියන්නට නොගියෙමි. ගෙදර සිටියේ අක්කාත් මමත් පමණි. අම්මාත් තාත්තාත් රැකියාව සදහා පිටත්ව ගොස්ය. අක්කා පමණක් ඔවුන් සමග කතා කිරීම හොද නැතියැයි සිතූ මම කාමරයෙන් පිටතට පැමිණියෙමි. උත්පලාත්, ඇගේ අම්මාත් මා දෙස බලා සිනාසුනහ. මමද පොඩි සිනහවක් පෑවෙමි. "පුතාත් අපේ දූගෙ වයසෙ නේද?" "ඔව් නැන්දේ" "දෙන්නට එකට පාඩම් වැඩ එහෙම කරන්න බැරිය?" ඇගේ අම්මා කොතරම් මෝඩද? නොදන්න කොල්ලන් විශ්වාස කිරීම හොද නැත. මම පිළිතුරු නොදුන්නෙමි. ඒ වෙනුවට සිනහවක් දමා උත්පලා දෙස බැලීමි. ඈ පෙරදින රාත්‍රි

"අනේ සොරි ඔයා නිල්ම නිල් පාට වෙලා" :: උත්පලා :: ඇය ආදරයේ දෙවගන වූවාය [2 කොටස]

උත්පලා ගැනම වැඩියෙන් කියවීම ඔබ අනුමත නොකරනු ඇත. එහෙත් ඇය මෙහි කතානායිකාව වීම මාගේ වරදක් නොවේ. එබැවින් ඇගේ නාමය නොමෑතිව මෙම කතාව සාදාරණව ඉදිරියට ගෙනයා නොහැක. මම ඇගේ පෙනුම පිළිබද අංශු මාත්හ්‍රයක සිතිවිල්ලක් ඔබට ගෙනහැර දැක්වීමට සමත් වීමි. එහෙත් ඔබ ඇයව හදුනන්නේ නැත. කිසිදා හදුනා ගන්නේද නැත. ඔබ ඇගේ ගතිගුණ ගැන ප්‍රශ්න කරන්නේ නම් මම මෙසේ කෙටි පිළිතුරක් දිමට සූදානම්ය. "ඈ හරියටම මගේ සොහොයුරිය වැනිය" මගේ සහෝදරිය පිළිබද නොරුස්සන ස්වභාවයක් දක්වන මා වැන්නකු මිතුරියක් සහෝදරියකට සමාන කරන්නේ මන්දැයි ඔබ අසනු ඇත. එය මට අමුත්තක් නොවේ. මාගෙන් කොතෙකුත් දෙනා එසේ අසා ඇත. එය පැහැදිලි කිර්‍රිම මදක් අමාරු කාරියකි. උත්පලා මා සමග කොයිතරම් මිතුරු උවද ඈ තුල පැවති එක් ගුණාංගයක් මෙයට හේතුව වන්නට ඇත. ඒ නම් මා ගැන සහ වඩාත්ම මගේ අද්යාපන කටයුතු පිළිබදවද අක්කාටත් වඩා සෙවිල්ලකින් ඈ පසුවීමයි. මගේ පිස්සු වැඩ වලටත් කිසිවක් නොකියාම උදව් කරන, එහෙත් පමණට වඩා මා "වළෙහි" හැසිරෙන බව දුටුවොත් ඈ සතු නිශේද බලය පාවිච්චි කොට මා ගොඩගන්නා මෙවන් කෙල්ලෙක් ගැන ඔබ අසාවත් නොමැති බව මම ඔට්ටු අල්ලමි. ඇත්තය! ඈ මා පිළ

උත්පලා - ඇය ආදරයේ දෙවගන වූවාය [පළමු කොටස]

මම මගේ ජීවිත කාලයෙන් වසර දහ හතක් ගෙවා ඇත්තෙක්මි. එනම් දැනට පාසල් ජීවිතය නම් දෙවරක් හිමි නොවන භාග්යමත් කාල පරාසයේ අගය වචනයේ පරිසමාප්තර්තයෙන්ම විදින කොලු ගැටයෙක්මි. මාගේ කතාව ඇරඹීමට පෙර මම කව්දැයි ඔබට හදුන්වාදීම වුතුකමකැයි බොහෝ කතුවරුන් සලකන නිසා මමද එය එසේ යැයි පවසමි. මම නමින් දසිත් වෙමි. මිතුරන්ට නම් "පැණියා"ය, ගුරුවරුන් මා අමතන්නේ දෙමාපිය වාසගම නොහොත් "ජයසිංහ" නමිනි. ගෙදරට මම පොඩි පුතා වීමි. එසේ වන්නට ඇත්තේ මාගේ වැඩිමහල් සොයුරිය නිසාය. ඇය මට වඩ සම්පූර්න වසරකුත් මාස දෙකක් වයසින් උසස්ය. ඇය ගෙදරට ලොකු දුව වූවා සේම පාසලේදීත් ගෙදරටත් මෙකී නොකී හැම තැනටම නමින් "ලක්ශිකා" වූවාය. රට පුරා තැනින් තැන විසිරුණු රාජ්ය අංශයේ විදායක ශ්‍රේණි රැකියා හිමි උදවිය අතරට මාගේ මව සහ පියා දෙදෙනාම ඇතුලත් වී තිබීම මටත් වඩා ඔවුන්ගේ අනාගතය සදහා ආයෝජනයකැයි සැලකිය හැකිව තිබුනද මා කෙරෙහි ඔවුන් දක්වන ආදරය රැකියාවට තබා අන් කිසිවකටත් යටපත් කරලිය නොහැකි වීම මා ලද බහගු දායාදයක් වීම නම් නොවැලැක්විය හැකි දෙයකි. අප ජීවත් වන්නේ ලක්දිව එක්තරා ප්‍රසිද්ද නගරාන්තරික මාවතකය. නගරාන්තරික කීවාට උක්