Skip to main content

Posts

Showing posts from August, 2013

"දෙයියනේ ඔයා වෙනස් වෙලා තියෙන තරමක්, මම හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ" :: මත් මල් :: නවකතාව [28 කොටස]

මාලිකාගෙ හිත බයෙන් ගැහුනත් ඕන දෙයක් වෙච්චාවෙ කියල හිත හදන් එයා ඉන්ටවිව් රූම් එකේ දොර ඇරිය. ඇතුලට ගිහින් වටපිට බැලුව. අන්තිමට ඉන්ටවිව් එකට ආපු මෙයා දිහාවෙ එතැන හිටපු හතර දෙනාම බැලුවෙ ඕනැවට එපාවට වාගෙ. මාලිකා දැකපු අර කලින් ගිය කොල්ලත් එතැන වාඩිවෙලා හිටිය. මාලිකා දිහා බලපු එතැන ඉදිය ටිකක් මැදිවියේ කෙනා  "මිස්, ප්ලීස් ටේක් අ සීට්"  කිව්ව. මාලිකත් බෝම අමාරුවෙන් ස්තූති කරල ඉස්සරහ තිබුන පුටුවෙන් වාඩි උනා. අර කොල්ල දිහා බැලුවත් එයා බිම බලන් මොකක්දෝ ලියනව, ඔලුව උස්සලවත් බැලුවෙ නෑ. ආඩම්බරකම! මාලිකාට හිතුන. "හොදයි, ඔය මිස්ගෙ ක්වලිෆිකේශන් මොනවද? කෝ දෙන්න බලන්න සෙටිෆිකේට්ස්" ඒ පාර කිව්වෙ එතැන හිටපු ගැහැනු කෙනා. ටිකක් වයස දරදඩු චරිතයක් වගේ මාලිකා එයාව දැක්කෙ. එයා ඉක්මනට තමන් අතේ තිබුන ෆයිල් එක මේසෙ උඩින් තිබ්බ.  ටිකක් වෙලා ඒ දිහා බලපු ඒ ගෑනු කෙනා මාලිකා දිහාවෙ ආයෙම බලල ඇප්ලිකේශන් එකේ මාර්ක්ස් තීරුවෙ මොකක්දෝ සටහන් කලා. ඊට පස්සෙ ෆයිල් එක එතැන ඉදපු අනිත් පිරිමි දෙන්නට දුන්න.  "හොදයි දරුවා, කියන්න අපිට ඔයා බලාපොරොත්තු වෙන සැලරි එක?" ඒ ගෑනු කෙනා ඇහුව.  &

"කව්ද? අර දැන් ටිකකට කලින් ගියපු පොරද?" :: මත් මල් :: නවකතාව [27 කොටස]

නැන්දලගෙ ගෙදරින් පිටත් වෙලා නාලක කෙලින්ම ගියේ තමන්ගෙ ගමට. එයාලගෙ ගෙදර ටික දවසක් වත් ඉන්න ආසාවක් තිබුනත් නාලක වැඩ ගොඩ ගැහිල තිබුන බව කියල ආපු දවසට දවස් දෙකකට පස්සෙ ආයෙම කොලඹ එන්න වාහනේට නැග්ගෙ ටිකක් දුකින්. ඒත් අද තියෙන ඉන්ටවිව් එකට යන්නම එපැයි. අම්මටයි තාත්තටයි මේ ගැන කියල නාලක එළියට බැස්සෙ ගෙදර බල්ලගෙත් ඔලුව අතගාල. අම්මයි තාත්තයි නාලකගෙ වාහනේ දූවිලි අවුස්සගෙන ඈතට යන හැටි බලන් හිටිය. "දැන් මේ ළමයගෙ වයසත් හරි නේද?" අම්ම කිව්වෙ ආයෙම ගේ දිහාට හැරෙන ගමන්.  "මොන වයසද?"  තාත්ත මොකුත් දන්නෙ නෑ වාගෙ ඇහුවෙ වෙන්ඩ යන දේ වටහගෙන. පුංචි හිනාවකුත් මූනෙ පතුරගෙන. "නරකද හොද තැනකින් කටයුත්තක් කතා කලොත්, අපිත් හැමදාම ඉන්නෙ නෑ නෙ, මේ ළමයට යන කලදසාවක් තියෙන්ඩ එපැයි" "අම්ම හිතන් ඉන්නෙ අපේ ළමය ගෑනු දරුවෙක් කියාල" තාත්ත කිව්වෙ හිනා වෙලා.  "එයාට තමන් ගැන බලාගන්න පුලුවන් නේ, අනික ඔන නොකිව්වය කියන්ඩ එපා. පුතාගෙන් නාහ මොකුත් හෙම කරනව නෙවෙයි" "එහෙම කරනවද මම" කියපු නාලකගෙ අම්ම තරහින් වගේ ගේ ඇතුලට ගියා. තාත්ත හිනා වෙලා මිදුලෙම හිටිය.

ජනෙල් 8 පස්සේ එක.Windows 8.1 (Try කරලා බලනවද )

    ඕගොල්ලෝ දන්නවද මන්දා අර බිල් ගේට්ස් ගේ කොම්පැනිය අර microsoft කියන එක අන්න එක් අලුතින්  මෙහෙයුම් පද්දතියක් එලියට දානවලු මේ අවුරුද්දේ අග.දැනන් හිටියේ නැත්තම් දැන් දැනගන්න ඈ:D.එකේ නම නම් මේපාර පොඩ්ඩක් වෙනස්.Windows 8.1.එක අතකට වෙනසකුත් නෑ.ජනෙල් 8 පස්සේ එක ජනෙල් 8.1. නමෙන් හිතාගන්නකෝ මේකේ හැටි.ඒ කියන්නේ මේ මෙහෙයුම් පද්දතිය ගොඩක් දුරට ජනෙල් 8 සමානයි.(පෙනුමෙන් විතරයි හොදේ  ) ඒ උන්නට මේකේ පහසුකම් වැඩි.(හොදටම වැඩි කියන්නේ එල වැඩ කෑලි ටිකක් තියේ )   බිල් මාමගේ කොම්පැනියේ නිල මෙව්වා එකේ .....මේ ඒ කියන්නේ මේ අර නිල අඩවියේ කියන්නේ මේක ජනෙල් 8 තියන හැමෝටම නිකන් දෙනවා කියලා.   // Windows 8.1 —a free update to Windows 8 —is coming later this year// එහෙම තමා කියලා තියෙන්නේ.ඒ උනාට ඉතින් මට නම් විස්වාසයක් නෑ මොකෝ කියන්නේ බිල් මාමා කවදාවත් නිකම් මෙහෙයුම් පද්දති දුන්නේ නැති නිසා.(අපි හොරෙන් ගත්ත එක වෙනම කතාවක් ඈ  :D )   දැන් මම මේ පහල දාලා තියන වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන් මේ ජනෙල් 8.1 කොයි වගේ ද කියලා.                 මෙහෙම බලාගෙන විතරක් මදි නම් ඔන්න ඒකටත් ව

"දෙයියනේ මට ඔයාට ලව් කරන්න හිතෙනවා මේ කරන උදව් වලට" - මත් මල් :: නවකතාව [26 කොටස]

"මොකක්ද මේ?" නාලක ඇහුවෙ පුදුමෙන් වගේ. ලියුම් කවරෙත් අතේ තියන් එයා බලන් හිටියෙ කාගෙන් හරි උදව්වක් බලා පොරොත්තුවෙන් වගේ. ඇත්තටම මේ මොකක්ද කියල එයාට තෙරුනේ නෑ. සරංගත් ශානිකත් ටිකක් මෝඩ හිනාවක් දැම්මා. සාරංග මෙහෙම කිව්ව. "ඇරල බලපන්කො" කිව්වත් වගේ නාලක ලියුම් කවරෙ ඇරල ඇතුලෙ තිබුන ලස්සන කාඩ් එකක් එළියට ගත්ත. වෙඩින් ඉන්විටේශන් එකක්? ඒක දිග ඇරියට පස්සෙ තමා නාලක උපහාසෙන් වගේ සාරංග දිහා බැලුවෙ. "මම දැනන් හිටීයෙවත් නෑ නෙ" "අපොයි ඔයා බබා" ශානික කිව්වෙ බිම බලාගෙන ලැජ්ජාවෙන් වාගෙ.  "ඇත්තමයි මේක මෙච්චර දුර යයි කියල මම හිතුවෙ නෑ" "අපිත් හිතුවෙ නෑ නාලක" සාරංගත් උත්තර දුන්න. "කවද්ද ඔය දෙන්නගෙ වෙඩින් එක?" කාඩ් එකේ තිබුනත් නාලක ඇහුවෙ ඒක දැක්කෙ නෑ වගේ. "ලබන මාසෙ විසි එක. ඔන්න ඔයා එන්නම ඕන. අපේ කට්ටියම ඒවි" "නෑවිත් කොහොමද ඉතිං" නාලක හිනා උනා.  ඒත් එක්කම වගේ ඉස්කෝලෙ බෙල් එක වදිනව ඇහුන. ඉස්කෝලෙ ඇරිල. මෙලෝ සිහියක් නැතිව හිටපු යාලුවො තුන් දෙනාට ගාතා කියනව වත් ඇහුනෙ නෑ. ඒත් එක්කම ශානිකා මොනවදෝ

"කොහොම හරි මාලි මට එනකම්ම කිව්වෙ එකම එක දෙයයි කොහොම උනත් උඹව අමතක කරන්නෙ නෑ කියල" ::: මත් මල් :: නවකතාව [25 කොටස]

තවත් අලුත්ම අලුත් දවසකට ඉර උදා උනේ අලුත් බලාපොරොත්තු ගොඩකුත් එක්ක. මාස 6යක් ගෙවිල තමන් ආයෙම මේ රටට පය තිබ්බ වෙලාවෙ ඉදන්ම ලංකාව කොයිතරම් වෙනස් වෙලා තියෙනවද කියල නාලකට තේරුම් ගිහිල්ලයි තිබුනෙ. ඒ නිසාම කොළඹ නගරෙ තියෙන හැමතැනක්ම වගේ ඉස්සරට වඩා ගොඩක් අලුත් වෙලා තියෙන හැටි එයා දැක්කෙ උදේම වාහනේ පදවගෙන ඔෆිස් එක පැත්තට එන අතරවාරෙ. ගමේ ඉදන් එන්න දුර වැඩි හන්ද නාලක ඔෆිස් එකට කිලූ මීටර් පහක් විතර ඈතින් තිබුන ගෙයක් කුලියට ඇරන් තිබුන. හැමදාම ඒකෙ ඉදන් වැඩට ආවත් එයාට අමුතු මහන්සි ගතියක් දැනිල තිබුනෙ ගොඩ දවසකින් ගමේ ගිය නැති හන්දමත් නෙවී. ඊටත් වඩා මොකක්දෝ පුංචි බලාපොරොත්තු සහගත හැගීමක් එක්ක මුසු වෙච්ච කලකිරීමක් ගොඩ කාලෙක ඉදන් එයාගෙ හිතේ තිබුන. ඒත් අන්න ඒ කලකිරීම එක්ක මුසු වෙච්ච තරහ හන්දමයි නාලක මේ තරම් දියුණු උනේ.  "අද හවස ගමේ යනව" නාලක හිතුව. ඇත්තටම අම්මයි තාත්තයි දකින කම් එයාට ඉවසිල්ලක් තිබුනෙ නෑ. හදිස්සියෙ රට ඉදන්  ඇවිත් ගමේ ගිහින් ඉදියෙ එක දවසයි.  "මේ පාර සතියක්වත් ඉන්නවා" නාලකට ඉබේම කියවුනා. අම්ම තාත්ත ගැන හොයා බලන්න වෙන කෙනෙකුත් නැති හන්ද එයාට යන්න අවශ්යතාව තදින්ම

"එහෙනම් වෙනසකටත් එක්ක පේපර් ඇඩ් එකක් දාල ඉන්ටවිව් කැදවමු. එහෙම හොදයිනේ?" :: මත් මල් :: නවකතාව [24 කොටස]

කොළඹ නගරෙ එක්තරා ප්‍රසිද්ද පාරක්. වෙලාව උදේ අටට විතර වෙන්න ඇති. ඉර පායල තිබුනත් ඒ තරම් ලොකු කල එළියක් අවට පරිසරේ තිබ්බෙ නෑ. මලානික ඉර එළිය අහස සිඹින ගොඩ නැගිලි අස්සෙන් ලාවට තැනින් තැනට කඩා පාත් වෙලා තිබුනෙ ටිකක් ලස්සන රටාවක් මතක් කරල දෙන්න වගේ. අහස වළාකුලු වලින් යාන්තමින් වැහිල තිබුන. කවුරු කවුරුත් වගේ හිතන් ඉදියෙ මේ මලානික ගතිය දවල් වෙද්දි නැති වෙලා යාවි කියල. මේ පාරෙ තියෙන එක ගොඩ නැගිල්ලක් වෙත ඔයාලගෙ අවදානය යොමු කරන එක වටිනවා.  ඒක තට්ටු පහේ උසම උස ගොඩ නැගිල්ලක්. ඒකෙ පහළම තට්ටුවෙ ගොඩනැගිල්ල අයත් සමාගමේ නම ලොකු බෝඩ් එකක ගහල එල්ලල තිබුන. ඒකෙ පහළම තට්ටුවට පිටිපස්සෙන් කාර් පාක් එකේ ඉදපු සෙකියුරිටි ගාඩ්ල දෙන්න සෙකියුරිටි රූම් එකට වෙලා මොකක්දෝ වැඩක්. සමාගමේ වැඩ කරන උදවිය එක එක ජාතියෙ වාහන වලින් බැහැල ඉක්මනින් වගේ ඇතුලට දිව්වෙ ටිකක් හදිස්සියෙන් වාගෙ. සෙකුටිට්යිලගෙන් ටිකක් වැඩිමල් අයසෑ කෙනා මේ සමාගමට අවුරුදු දෙකක ඉදල වැඩ කරනව. එයාගෙ මූන සතුටින් පිරිල. ඒත් අනිත් කෙනා නම් මෙතැනට අලුත් වගේ. එයා මේ සිද්දි හිහා බලන් ඉදියෙ උනන්දුවෙන් වගේම පුදුමෙන්.  "මොකෝ සිරිදාස මාමේ අද හැමෝටම වෙනද නැ

"අනේ පොඩි අයියෙ එයාට ගහන්න නම් එපා" :: මත් මල් :: නවකතාව [23 කොටස]

එදා නම් ඇත්තටම සතුටු දවසක් ඒ පීරියඩ් එකම ෆ්‍රී හන්ද කෙල්ලො දෙන්න නාලක එක්ක ගොඩක් දේවල් කතා කලා. ශානිකා නම් වැඩිපුර කලේ නාලකත් මාලිකත් කියපු දේවල් වලට මොකක් හරි අව කැපෙන කතාවක් කියල හිනා වෙච්චි එක. ඒත් හොද මාලිකා වෙනද වගේ මූන නරක් කර ගත්තෙ නෑ. නාලක දිහා බල බලා එයා ගොඩක් සතුටින් හිනා උනා. මාලිකාගෙ හිතට දැනුනෙ කවදාවත් දැනිල නැති විදියෙ සතුටක්. මොකද කියල ඒයා දැනන් ඉදියෙත් නෑ. ඒත් ඒක ආදරේ වෙන්න ඇති කියල මාලිකාට හිතුන. "ඉතිං නාලකයෝ! ඔන්න දැන් නම් අපිට කේක් ඕන" ශානිකා කිව්වෙ නාලක දිහා බලල ආය මාලිකාගෙ කරට අත දාල.  "කාට නැතත් මට නම් ඕන" "ඇයි යකෝ අපිට?" කව්දෝ කියනව ඇහුන. නාලක පිටිපස්ස හැරිල බැලුව. සාරංගයි, චාමරයි පන්තියෙ දොර ගාව බලන් ඉදියා. නාලක ඒ දෙන්නට අතින් කතා කරල ළගට ගෙන්න ගත්තා. "උඹල දෙන්න මොකෝ මෙතැන? ඇයි අද උඹලයි මිස් නැද්ද?" "අපෝ අපිව පන්තියෙන් එළිය්ට දැම්ම බං" සාරංග කිව්ව. "ඉතින් අපි පන්තියට එනකොට තමා උඹලගෙ ලව් සීන් එක ඇහුනෙ, අපි මෙච්චර වෙලා දොර ළග ඉදන් ඔක්කොම බල බලයි උන්නෙ" එහෙම කිව්වෙ චාමර.  "ඔන්න

" නාලක මැතිතුමණි ඔබතුමා මෙම කෙල්ලව තම පෙම්වතිය හැටියට බාර ගන්නවාද?" - මත් මල් - නවකතාව [22 වැනි කොටස]

නාලකත් මාලිකත් මුනගැහිල දැන් හරියටම මාසයක් ගත වෙලා තිබුන. ඒත් මොන හේතුවක් හන්දද මන්ද කෙල්ල නාලකත් එක්ක පුදුමාකාර විදියට යාලු උනා.  ඒ යාලුකම ටිකෙන් ටික ආදරේකට හැරේවි කියල නාලක තියා මම වත් කිසිමදාක හිතුවෙ නෑ.  ඛොහොමින් කොහොම හරි නාලක එක්ක එකදවසක් මාලිකා මේ ගැන කිව්ව. හරියටම ඒ මාලිකාගෙ අයියල දෙන්න තමන්ගෙ නංගිව බලන්න කියල පිටත් වෙච්ච දවසෙමයි.  වෙනදා වගේම දෙන්නම ලෑස්ති වෙලා ඉස්කෝලෙ යද්දි නාල්ක දිහා මාලිකා බැලුවත් නාලක කිසිම දෙයක් ගැන දන් නැති හන්ද වෙනද වගේම සෙල්ලක්කාර හිනාවක් දාල  “ගුඩ් මෝනින්” කිව්ව.  මාලිකාත් බයෙන් වගෙ පිළිතුරු දීල නාලක එක්කම ඉස්කෝලෙ යන්න ගෙදරින් පිටත් උනා.  ථමන් ඊයෙ රෑ ඉදන් හිතපු දේවල් ගැන මාලිකා ආයෙම මතක් කලත් නාලකගෙන් ඒක අහන්න එයාගෙ හිතේ තිබුනෙ බයක්. ඈදරේ කරනවනම් නාලක ඒකට හොදම කෙනා බව මාලිකා දැන් අත්දැකීමෙන් දැනන් උන්නා. ඒත් මාලිකා තමන්ගෙ ආදරේ නාලක එක්ක කිව්වෙ නෑ. එයා බය උනා. නාලක ඒකට අකාමැති වේවි කියල.  “අකමැති උනොත් මට කවදාවත් දැනිල නැති විදියෙ ලැජ්ජාවක් දැනේවි” මාලිකා හිතුව.  අන්තිමේ එයා කල්පනා කලේ තමන්ගෙ හිතවතී ශානිකත් එක්ක මේ ගැන කතා කරන්න.  “මාලිකා