Skip to main content

Posts

Showing posts from May, 2013

ඔබත් බෞද්ධාගමිකයෙක්ද? එහෙනම් මේකත් කියවන්න

වෙසක් කියන්නේ මොකක්ද? ගොඩක් අය ඒක හරියට දන්නෙ නෑ. සමහරු හිතන් ඉන්නව ඒක ගැන තමන් දන්නව කියල ඒත් ඒ කවෘත් කොටින්ම කීවොත් ලියන මම පවා ඒකෙ හරි අරුත වටහාගෙන නෑ කියලයි මම නම් හිතන්නෙ. යාලුවනේ මම මේ කියන දේ ඔයාල කියවන්න බුදු දහම අදහන, අගය කරන් කෙනෙක්නම් විතරක්. වෙසක් කියන්නෙ අපි කාට කාටත් නිවාඩුවක්. අලුත් අවුරුද්දෙ ආතල් ගත්තෙ නැති අය තැන් තැන් වල සෙට් වෙලා ආතල් ගන්නව. ඒකද යාලුවනේ වෙසක් කියන්නෙ. නෑ. කවදාවත් නෑ. බුදු හාමුදුරුවො, අපේ ශාස්තෘන් වහන්සේ සත්ය හොයන් රාජ සම්පත් අතහැරියෙ මොකටද, ඒ මුලු ලෝකෙම යහපත් තැනකට ගේන උතුම් බලාපොරොත්තුව ඇතිව. උන්වහන්සෙගෙ ජයග්‍රහනයට, කැපවීමට පිටිපස්සෙ ඉදන් එතුමව ඉස්සරහට යැව්වෙ අන්න ඒ උතුම් බලපොරොත්තුව හන්ද එතුමා වටේ එකතු උන විශ්ව ශක්තිය. මම විශ්වාස කරන්නෙ එහෙමයි. අද කාලෙ ගොඩාක් අය වෙසක් සමරන්නෙ අලුත් විදියකට. සමහරුන්ට ඒක නිවාඩු දවසක් විතරයි. සමහරු අරක්කු කාලක් අරන්, දුමක් කාරිය ඇදල අප්ඩි ත්‍රිල් එකක් ගන්නව. සමහරු මහා ලොකුවට බෝඩ් එල්ලන් මහ පාරෙ අපේ උතුම් බොදු සංකේත වන වන දන්සැල් දෙනව. තවත් අය තොරන්, වෙසක් කූඩු හදල අපි තමයි ලොකුම එක හැදුවෙ කියල සතුටු වෙනව. හොද

මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව ( දහ වැනි කොටස )

මාලිකා වැඩි සද්දයක් නැතිව තමන් ගැන විස්තරයක් කියල සර් දිහා බැලුව. අසංක සර් පොඩ්ඩක් විතර හිනා වෙලා මෙහෙම කිව්ව "දැන් ඉතින් ඔය ළමය අන්න අතනින ගිහින් වාඩි වෙන්න. හොදින් පන්තියෙ වැඩ කරන් යන්න ඕන" මාලිකා සර් පෙන්නපු හිස් ඩෙස් එක ගාවට ගියා. දෙවැනි පේලියෙ මෙහා කොනේම වාඩි උනා. එයාට එහා පැත්තෙ හිටියෙ ශානිකා. නාලක ආඅයෙත් මලිත් එක්ක පොත දිහා බලන් වැඩ පටන් ගත්තා. අසංක සර්ගෙ පීරියඩ් එක ඉවර උනාම තිබුනෙ ඉන්ග්‍රීසි පීරියඩ් එක. ඉන්ග්‍රීසි ඉගැන්නුවෙ ටිකක් මැදි වයසෙ, චුට්ටක් තරහ යන ප්‍රදීපා මිස්. පන්තියෙ කවුරු කවුරුත් කෑ ගගහ ඉන්න වෙලාවෙ හදිස්සියෙම කඩා වැදුන මිස් දිගට හරහට බැනගෙන ගියා....... " චතුරන්ග තමුසෙගෙ කට වැඩී යනව පන්තියෙ ඉස්සරහට..... ඔතනට නෙවේයි බෝඩ් එකෙන් එහාට." චතුරන්ග මොකක්දෝ කියන්න කට ඇරියා. ඒත් මිස්ට ඒක ඇහුනෙ නෑ. මිස් ඊලගට බැලුවෙ නාලක දිහා. "තමුන් මෙතැන එන්නෙ කතා කර කර ඉන්නද? යනව ඉස්සරහට" නාලක දිහා බලල මිස් ගෙරෙව්වා. නාලක නැගිටල ඉස්සරහට ගියා. ඒත් එක්කම සාරංග දිහා බලපු මිස් "තමුසෙ යනව එළියට" කියල අනිත් අයට පන්තියෙ වැඩ පටන් ගත්ත.

අතිශයින්ම metro screen වලට අකමැති අයටයි.

  ඔන්න අද මේ කම්මැලි දවසේ (වහින හින්දා හොදේ.)සිතුනි දෙන්නට යමක් ,කාටද අතිශයින්ම metro screen වලට අකමැති අයට.එක නිසා ඔයත් ජනෙල් 8 මෙට්‍රෝ ස්ක්‍රීන් එකට අකමැති නම් විතරක් මෙතනින් එහාට කියවන්න.     සමහරු ඉන්නවනේ මේ මෙට්‍රෝ එකට අකමැති ඔන්න ඉතින් එයාලට තමා මේක.මේක පොඩි සොෆ්ට් එකක්.එකෙන් තියනවා ඕනි විදිහට සෙටින්ග් එක වෙනස් කරලා හදාගන්න.ලේසි වැඩක්.කාටත් පුළුවන් එහෙනම් මෙතනින් බාගන්න. Download දැන් අවුලක් ඇතිනේ program හොයා ගන්නේ කොහොමද කියලා. එකට ඉතින් ජනෙල් 7 start menu එක දාගන්න.එක දාගන්න හැටි මෙතනින්. http://11wada.blogspot.com/2013/02/windows-8-start-menu.html ප.ලි මේ පොඩි video ටිකක් හම්බ උනා බල බල ඉන්න එකයි පොඩ්ඩක් ලියලා තියෙන්නේ.ඒ උනාට ඉතින් ඕනි ටික තියනවනේ.අවුලක් අවොත් comment එකක් දාන්නන. ඔන්න ඔයාලටත් ඕනි නම් video ටික බල්ලන්න මෙතනින් .අනාගත ලෝකය ගැන තමයි මේ vidoe වල තියෙන්නේ.එහෙනම් අපි කැපුනා.

ඔයාගේ computer එකට laptop එකට android දාන හැටි.(android ටැබ් එකක් ගත්තා වගේ.)

ඔන්න ඉතින කාලෙකින් තමා වැදගත් tec පොස්ට් එකක් ලියන්නේ.අද ගෙනාවා ටිකක් වෙනස්  දෙයක්.computer එකට android දාන හැටි තමා කියලා දෙන්න හදන්නේ. මේක ලියන්න හිතුනේ දවසක් අපේ වලස් පැංචාට android කට්ටක් ගන්න කිවුවහම කිවුවා අපිට කොයින්ද බුල් බල්ලෝ කියලා.ඉතින් මට හිතුනා ඒ වගේ යාට පොඩි උදවුවක් වෙන දෙයක් කරන්න.සමහරු android pc එකට දන්නා virtual box,තව එක එක විදිහේ ප්‍රෝග්‍රෑම් පාවිච්චි කරනවා.ඒ උනාට ඒවා එච්චර සාර්ථක ක්‍රම නෙවයි.මේ දැන් මම කියලා දෙන්න හදන්නේ කෙල්ලිම්ම android දාන හැටි.ඒ කියන්නේ නිකම් xp,7,දානවා වගේ. එතකොට තියන os එකට වෙන්නේ මොකද ඔයි.? හරි ඉතින් ඉන්නවකෝ කියනකම්.තියන os එක බේරාගෙන තමා අපි මේ android දැම්මිල්ල කරන්නේ.(එහෙනම් කමක් නෑ නේ.:D)ඒ කට අපි කරන්නේ අපි ගාව තියන pen එකට android දාන එක.එක බොහොම සාර්ථක ක්‍රමයක්. දැන් තියන ගැටලුව තමා මේක දාලා ඇති වැඩක් තියනවද?.ඔවු තියනවා දැන් අපි මෙහෙම හිතමු ඔයාලාටක් ගාලා නුමු පොතට රිංගලා එන්න computer එක on කරනවා.ඔයාගේ එක අලුතෙන් ගෙනාපු හොද pc එකක් නම් කමක් නෑ.ටක් ගාලා on වෙනවා.ටක් ගාලා වැඩේ කරගත්ත ගියා.ඒ උනාට ඔයාගේ pc එකට ටිකක් පරණ පොඩ්ඩක් s

Adobe-UNICEF ච්ත්‍රපට උළලේ අවසන් වටයට සුදුසුකම් ලැබූ පලවන ශ්‍රී ලාංකීය චිත්‍රපටයට ඔබේ සහය ලබා දෙන්න.

බ්ලොග් එකට ඔන්න ඉස්සෙල්ලම කියන්න ඕනි මේ තමා බ්ලොග් එකේ දාන්න 100 පොස්ට් එක.මෙච්චර කාලයක් අපිත් එක්ක රැදිලා හිටය ඔයාලාට ගොඩක් ස්තුති.අපි හිතනවා ඔයාලා දිගටම අපිත් එක්ක ඉදී කියලා. හරි එහෙනම් අද වෙනස් දෙයක් තමා කතා කරන්න ලැහැස්ති වෙන්නේ.සමහරු මේ ගැන දන්නවා ඇති.නොදන්නවත් ඇති.කොහොම නමුත් සම්පුර්ණ විස්තර දන්නා අය ගොඩක් අඩු ඇති.හරි එහෙනම් මේකයි සිද්දිය. පලවෙනි පාරට අපේ ලංකාවේ කොල්ලෝ හදපු කෙටි චිත්‍රපටියක් වන Child Soldiers චිත්‍රපටය Adobe-UNICEF ච්ත්‍රපට උළලේ අවසන් වටයට  සුදුසුකම් ලබලා.(මාරයි නේ.:D).අවසන් වටේ තියෙන්නේ මේ චිත්‍රපටිය විතරක් නෙවයි නේ.තව කිහිපයක්ම තියනවා.ඔය චිත්‍රපට අතරින් හොදම එක තෝරන්නේ ඒ චිත්‍රපටිය ලබාගන්න facebook like,shares.වගේ දේවල් වලින්.තව මේ චිත්‍රපටිය නරබන ප්‍රරමානයත් ගණන් ගන්නවා.එතකොට ඔය තියන ඔක්කොම like,shares,tweets එකතු කරහම වැඩිම ගණනක් තියන චිත්‍රපටේ තමා හොදම එක විදිහට සම්මාන ලබන්නේ. දැන් ඉතින් කියන එක තේරෙනවා ඇති කියලා හිතනවා.ඒ කියන්නේ එක like එකක් එක tweet එකක් එක share එකක් එක චන්දයක් විදිහට තමා සැලකෙන්නේ.එක නිසා ඔයාලත් මෙන්න මේ බ්ලොග් එකට ගිහින් ඔය fil

මත් මල් - කොටස් වශයෙන් පළවන නවකතාව [නව වැනි කොටස]

කස්ටියම වල්පල් කතා කර කර ඉන්න ගමන් බෙල් එකත් ගැහුව කියමුකෝ. ඒක හන්ද තවත් වැඩි වෙලාවක් එතන ඉන්න වෙන් නැත් බව නාලකට තේරුනා. " හප්පා ගාතා කියන්න බෑ බං" සාරංග කිව්වෙ කැන්ටිමේ බිත්තියට හේත්තු වෙන ගමන්. "අද කොහේ හරි පන්තියකටවත් රින්ග ගමු" "ඕන එකක්" මලිත් කිව්ව. "නාලක මොකෝ කියන්නෙ?" වෙනදා නම් නාලකත් බෑ කියන්නෙ නෑ. ඒත් අද නම් නාලකගෙ මූනෙ අමුත්තක් තිව්න. "අද නම් බෑ මචන්. මම නැවතිලා ඉන්න ගෙදර නැන්ද අද ඉස්කෝලෙ එනව." නාලක කිව්ව. "ඒ මොකෝ?" සාරංග ආයෙ ඇහුව "මොකවත් සීන් එකක් ගිහින්ද?" "නෑ බන්" නාලක උත්තර බැන්ද. "අපේ ගෙදෙට්ට ආව තව ලමයෙක් නවතින්න, එයාව ඉස්කෝලෙට බාරදෙන්න එනව" "අම්මට උඩු, කව්ද බන් ඒ" මලිත් ඇහුව. "අපේ සෙට් එකෙට තවත් එකෙක් වගේ" "නෑ නෑ බන්" පැහැදිලි කිරීම නාලකගෙ. "කෙල්ලෙක්" "කෙල්ලෙක්?" සාරංග වගේම මලිතුත් හිනා උනා. උන් දෙන්නග මූනු වලින් නම් මොකක් වත් තේරුනේ නැති බවකුයි පෙණුනේ. හිතුව වගේම සාරංග මෙහෙම ඇහුව. "මට නම් තේරුනේ නෑ

UEFA Europa League final highlights

කාලෙකින්ද මන්ද බ්ලොග් එක පැත්තේ අවේ.පේනවා ඇති නේ අද අරගෙන ඇවිල්ලා තියෙන්නේඊයේ තිබිච්ච UEFA Europa League final එකේ  highlights.ගිය පාර champions league එක දිනන chelsea මේපාර එකේ පලවෙනි වටෙන්ම එලියට විසි උනා.එක නිසා සෙට් වෙච්ච UEFA Europa Leagueඒ එකේ කොහොමින් හරි අන්තිම මැච් එකට ඇවිල්ලා Benfica පරද්දලා  කප් එක  එයාලා දිනා ගත්තා.මේක නිකම් ඉතින් ජාමේ බේරගන්න ලැබිච්ච අවස්ථාවක්.වගේ.මොකෝකියන්නේ ඉතින් ගියපාර කප් ගහපු උන් මේපාර පලවෙනි වටෙම්ම කැපුනා කිවුවාහම නිකම් ලැජ්ජයි වගේ නේ.කොහොමින් හරි මේ කප් එක දිනා ගත්ත නිසා දැන් යන්තම් ඒ ලජ්ජාවෙන් ගැලවිලා ඉන්ට පුළුවන්. ඔන්න ඉතින් මෙහෙමයි මැච් එක ගියේ. ඉස්සෙලම ගොලේ ගැහුවේ Torres 60 මිනිත්තුවේ.ඊළගට Benfica එකේ Óscar Cardozo පැනල්ටියකින් 68 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරා.Chelsea කණ්ඩයම වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කරේ Ivanović.ඒ 90+3 මිනිත්තුවේදී . ඔන්න ඔහොමයි ඉතින් සිද්ද උනේ මෙන්න ඉතින දැන් highlights highlights .

ගෝ ගෝ ගෝන් බලමුද? (Go Go Gone - 2013)

ගෝ ගෝ ගෝන් කියන්නෙ සර්තකම චිත්‍රපටයක් කියල කියන්නත් බෑ. ඒත් ඒකෙන් ඉන්දීය සිනමාවට අලුත්ම පණිවිඩයක් දෙන්න පුලුවන් උනා කියල නම් මට හිතෙනවා. සාම්ප්‍රදායික ඉන්දියන් බොලිවූඩ් සිනමාවෙ බය හිතෙන කතා අල්පයි, බොහොම අඩුයි. රාස් වගේ චිත්‍රපටි කීපයක් හැරුනම වෙන නැති තරම්. පහුගියදා තිරගත වීම ආරම්බ උන මෙමෙ චිත්‍රපටය සදහා සයිෆ් අලි කාන් වගේ සිනමා දැවැන්තයොත් එක් වෙලා තියනවා. අවතාර සමග සටන් කරන ක්‍රියාදාම ආදර කතාවක් අස්සෙ හැංගිච්ච විනෝදාත්මක තේමාව පාදක කරගෙනෙ නිර්මානය වෙච්ච මේ ෆිල්ම් එක මගේ දැනුම අනුවනම් හොදයි. සර්තක වෙයි කිය්ල කියන්න අමාරු උනත් දැනටමත් බොහොමයක් දෙනා මේක බලල තියනව කියල මට ආරන්චී. ඔයාලත් බලන්නකෝ ඉතින් පුලුවන්නම්. Download (700MB Appx_) පසුව ලියමි - මම මේ දීල තියෙන්නෙ නම් හෝල් කොපියද දන්නෙ නෑ. හරියට හොයල බලන්න. ඒ වගෙම මට උදව්වකුත් ඕනෑ. පුලුවන් කවුරු හරි ඉන්නවනම් Scary Movie 5 ටොරන්ට් එක බාගන්න තැනක් කියන්න. ඔරිජිනල් එක

මෙන්න වැඩක් ජනෙල් 8 start Scren එකට අපිට ඕනි පින්තුරයක් දාගමු.

ඔන්න කාලෙකට පස්සේ අලුත්ම අලුත් දෙයක් දෙන්නයි හදන්නේ.මේ දවස් ටිකේ අලුත් දෙයක් දෙන්න බැරි වුනේ ඉතින් අපේ එක එක වැඩ බ්ලොග් සින්ඩිය හදන්න මහන්සි වෙච්ච නිසා.දැන් කිහිප දෙනෙක්ම සින්ඩියේ සාමාජික වෙලා තියෙන්නේ.ඔයත් බ්ලොග් එකක් කරනවානම් ඔයාටත් පුළුවන් සින්ඩියට ඔයාගේ බ්ලොග් එක ඇතුලත් කරන්න.ඒ ගැන විස්තර කලින් පොස්ට් එකේ දාලා තියනවා.එහෙනම් ඔන්න අද මාතෘකාව.               ඔයාලා හැමෝම දන්නවා කියලා හිතනවා ජනෙල් 8 අපිට ඕනි ඕනි  රූප start screen එකේ දාන්න බෑ කියලා.එකේ තියන රූප විතරයි දාන්න පුළුවන්.ඒවගේ කිසි ලස්සනක් නෑ නේ.අපිට ඕනි එකක් දාන්න තිබුන නම් මාරයි නේ.ඔන්න එහෙනම් අපිට ඕනි රූපයක් එතනට දාලා මාර වැඩක් කරන්න තමයි මේ හදන්නේ.ඕනා එහෙනම් මම පියවරෙන් පියවර දානවා. ඉස්සෙලම ඔයාලට ඕනි decor8 කියන සොෆ්ට් එක එක මෙතනින් බාගන්න. Download ඊළගට එක සාමාන්‍ය විදිහට install කරන්න. දැන් ඔයාලා ප්‍රෝග්‍රෑම් එක open කරලා  background තෝරන්න. දැන් එකේ තියනවා තව පින්තුර ටිකකුත් ඒවගේ කැමති එකක් තියනවනම් ඒවා දාන්නත් පුළුවන් නැත්තම් ඔයාලා කැමති වෙන එකක් දානවනම් add folders කියලා තියනවා.එතනින් folder එක දැම්මට පස

එක එක වැඩ The Blog Syndicator ඔයාලත් සෙට් වෙන්න.

                                               ඔන්න  අපේ එක එක වැඩ බ්ලොග් එක කරන්න අපි සෙට් එකටපහල උණු අදහසේ අග්‍ර පලයවන එක එක වැඩ බ්ලොග් සින්ඩිය අද ආරම්භ කරා.මේක හදාගන්න අපි දවස් දෙකක් විතර මහන්සි උනා.කොහොමින් හරි හදලා ඉවර වෙලා මේ සින්ඩියේ පලවෙනි සාමාජිකත්වය ලබාගන්න ආරාධනා කරේ තහනම් අඩවියේ මහා රජ තුමාට.එතුමා මේකේ ගෞරවනීය පළමු සාමාජිකත්වය ලබාගත්තට පස්සේ තමා අනික් යට සින්ඩියේ දොරගුළු හැරුනේ. ඊළගට සින්ඩියට සෙට් වුනේ මගේ අතිජාත මිත්‍රය වලස් පැංචා එයාගේ උකුස්සා බ්ලොග් එක එකතු කරන්න ගමන්.තව ඕනෑවට එපාවට වගේ සිත්තරි මං නුත් දැන් සින්ඩියට සෙට් වෙලා ඉන්නවා.   මේ පණිවිඩේ අපේ අනික් බ්ලොග් ලියන යාළුවන්ට තමයි.ඔයාලටත් මේ සින්ඩියේ දොරගුළු ඇරලයි තියෙන්නේ.එහෙනම් බල බල ඉන්නේ නැතුව මේ අදම සෙට් වෙන්න කොටන්න මෙතෙන්ට .එහෙනම් අපි කැපුනා. එහෙනම් keybord එක හසුරුවන ඔය දෑතට බුදු සරණයි දෙවි පිහිටයි. keyboard එක හසුරුවන්න comment  box එක පහල තියේ.

මත් මල් -කොටස් වශයෙන් පළවන නවකතාව [අට වැනි කොටස]

                      ඔන්න දවසක් ගෙවිල තවත් අලුත් දවසකට ඉර උදා උනා. පෞ වෙච්ච දවස් දෙකේම ඉතින් මාලිකා කලේ අවට තිබුන හැම දේම නැන්දගෙන් අහගෙන් ඒ විදියට හැඩ ගැහිච්ච එකයි. ඒ හන්දම එයාට ගමේදි ලැබුනෙ නැති නිදහසක් දැනුන කිව්වොත් ඒකත් අමුත්තක් නෙවෙයි. අද නම් ඉතින් එයාගෙ පළවෙනි දවස අලුත් ඉස්කෝලෙට යන. උදේම නැගිටල ලක ලෑස්ති උනාට මාලිකාගෙ හිතේ පුංචි බය ගතියකුත් මෝදු උනා. එයා ඊයෙ රෑ මැදල ලෑස්ති කරල එහෙම තිබුන සුදු ගවුම ඇදන් ඔරලෝසුව දිහා බැලුව. තාම නම් වැඩිය පරක්කු නෑ. හතට කාලයි. ඉස්කෝලෙ තියෙන්නෙ ඇවිදන් යන දුරේ හන්ද ඒ තරම් තදියමක් මාලිකාට තිබුනෙ නෑ. එයා හෙමීට කාමරෙන් එලියට ඇවිත් නැන්ද ඉදපු කුස්සිය පැත්තට ආව. " ආ දුවේ ඔයා ලෑස්තිත් වෙලානෙ" නැන්ද පුදුම උනේ නෑ. මොකද නාලක දැනටමත් ඉස්කෝලෙ යන්නෙ ගෙදරින් පිටවෙලා තිබුන හන්ද. නැන්දගෙ මුනට හිනාවක් ආව. "අද මම ඔයාව එක්කන් යන්නම් ඉස්කෝලෙට, අද පලවෙනි දවසනේ. ඔයාගෙ අම්ම මෙහෙ ආපු දවසෙම ඕනැ කරන දේවල් ඉස්කෝලෙට ගිහින් කරල තිව්න. ඒක හන්ද මම ඔයාව ඇරලන්නම්" නැන්දගෙ කීමට මාලිකා හිනා උනා. "අනේ ලොකු දෙයක් නැන්දේ" එයා කීව. "මම

අපි හැමදාම ඔයාලත් එක්කයි! ඔයාල අපිට ලොකු ශක්තියක්

දැන් ගොඩාක් අය බ්ලොග් කර්මන්තෙට බැහැල තියෙන බව අද දවසෙ වුන සිදුවීම් එක්ක පෙනුනා. අපි තාමත් එක තැනමද? ඔන්න ඕක මට හිතුන වාර අනන්තයි. ඉස්සර මටත් බ්ලොග් කරන්න ලොකූ පිස්සුවක් තිබුනා. ඒත් දැන් නම් ඒක පිස්සුවක් විතරක්ම නෑව්යි. අනුන තමන් දන්න දේ කියල දෙන අපේ බ්ලොග් එක ගැන ටවුමෙ ගොඩක් දෙනා කතාවෙනව. බොරුවක් නෙවේ තාමත් අපි බ්ලොග් කර්මාන්තෙට හරියට එන්ටර් උනේ නෑ කියලයි මට හිතෙන්නෙ. කොහොමින් කොහොම හරි මමයි චාමික රවින්ද සහෝදරයයි බ්ලොග් එකක් කරමු කියල මේ වැඩේට අත ගැහුවෙ මේ අවුරුද්ද පටන් ගත්ත අලුතමයි. අපි ඕ ලෙවල් එහෙම ලියල එහෙම පටන් ගත්තු මේ වැඩේට තාම මාස පහ හයක වගේ පුංචිම පුන්චි ඉතිහාසයක් තමයි තියෙන්නෙ. අපි අන්තර්ජාලෙට අමුත්තො උනේ නැති උනාට බ්ලොග් කරන එකට තාමත් අපි අලුත්. හදිස්සියෙමෙ මේව කියවන්නෙ මොකද කියල සමහරු බලාවි. ඒත් මේක මම ලියන්නෙ ගොඩාක් දෙනෙක්ට කරන ස්තුතියක් හැටිය්ට. විසිදහසක් දෙනා කියවපු බ්ලොග් එකක් කියන්නෙ දුලබ දෙයක් නෙවේ. ඒත් අපි තවත් ඉදිරියට යනවා. තව තවත්................ ඒ හන්ද මේක කියවන හැමෝම එක එක වැඩ බ්ලොග් එකට ලොකු ශක්තියක් එදා අපි දෙන්න පටන් ගත්ත මේ බ්ලොග් එක අද බ්ලොග් ඕතර්ල

ලැප් එකක් ගන්න රත්නපුර ටවුම වටේ.

                    ඔන්න යාළුවනේ මම අද ලියන්න   හදන්නේ   පොඩ්ඩක් වෙනස් දෙයක්.ඒ තමා මං කොල්ල ලැප් එකක් ගන්න ගිහින් වෙච්ච සිද්ධි.                      මං කොල්ලත් විභාහගේ ගොඩ දාගත්ත හින්දා   ගෙදරින් අරං දුන්න ලැප් එකක්.මේක අරං දුන්න කිවුවොත් ටිකක් විතර වැරදි.ඇත්තටම හරි දේ   අඩාල අඩාල ඉල්ලා ගත්තා කියන එක.මෙහෙම කියන්නත් පුළුවන් බැන බැන අරං දුන්නා.එහෙමත් හරි. ඔන්න කොහොම හරි ඉතින් මේ ලැප් රාජයා ගන්න ගියේ අපේ පියත් එක්ක.උදේ කඩ අරින වෙලාවටම ගිහිල්ලා රත්නපුරේ තිබුන කඩ ඔක්කොටම ගියා ලැප් බලන්න.ලැප් වල ගන්න අහන කොට මට නිකන් කලාන්තේ   වගේ.අම්ම සල්ලි දුන්නේ 40,000.එක යන්තමින් 65,000 කරගත්තා.කඩ වලට ගියහම ඉතින් i3 එකක් 73,000 එහා තමා ගන්න කියන්නේ.ඕනා ඉතින්   එක නිසා ලියනවා 65,000 i3 ලැපක් හොයාගත්ත හැටි.                         ඔන්න ඉතින් ඉස්සෙලම ගිය කඩේ ගැන කියන්නම්.එක ටිකක් ප්‍රරසිද්ධ   කඩයක්.ලංකාවේ හැම තැනම තියනවා.අර මේදවස් වල රුප පෙට්ටියේ දැන්වීමක් හෙම දාන්නේ එගොලන්ගෙයි අනික් අයගෙයි මිල ගණන් සසදන්න කියලා.ඕක බලාලා මාත් ගියා ඉතින් සසදන්න කියලා ඈ.ගියාටත් පාඩුයි එහෙන්ට මොකෝ කියන්නේ මම හොය

Android Phone එකට metro theam එක දාමු

ඔන්න ඉතින් කාලෙකට පස්සේ තමා බ්ලොග් එක පැත්තේ අවේ.අද දෙන්න හදන්නේ android බාවිත කරන යාළුවන්ට රටක් වටින් app එකක්.ඔයාලා දන්නවා ඇතිනේ ජනෙල් 8 එන metro theam එක.අන්න ඒක android වලට දාගන්න හැටි කියලා දෙන්න තමයි මේ හදන්නේ.ඔන්න ඉස්සෙලම මේ app එක  දාගන්න හැටි කියන්නම්. ඊළගට විස්තර මොකෝ ඉතින් කටත් ඉස්සෙලා ඕනි app එක නේ :D.ඔන්න එහෙනම් play store එකෙන් එක බාගන්නකො         App Hear! දන්න ඉතින් පණ්ඩිත කමට දාගත්ත්නේ මුකුත් කියවන්නේ නැතුව. අවුලක් නෑ ඉතින් මේක දාගත්ත කියලා කිසිම අවුලක් නෑ මොකද මේක දැම්මම අනික් theam දැම්මම වගේ slow වෙන්නේ නෑ.එක බය නැතුව කියන්න පුළුවන් මොකද  මගේ phone එක දාන ඕනි thema එකකට slow වෙනවා ඒ උනාට මේ theam එක දැම්මහම එහෙම උනේ නෑ.කිසි අවුලක් නැතුව වැඩ.තව මේ theam එක කලින් දැකල නැති ඕනි කෙනෙකුට හිතෙන්නේ මේකේ තියෙන්නේ windows mobile කියලයි   මේ app එකේ තව වාසියක් තමා අපිට ඕනි විදිහට ජනෙල් 8 start screen එක වගේ වෙනස් කරන්න පුළුවන්.metro theam කියලා ගොඩක් theam ආවට හොද එකක් හොයාගන්න අමාරුයි.මේක හොයාගත්තේත් පිදුරු ගොඩේ ඉදිකටුවක් හොයනවා වගේ.:D.එහෙනම් ඔන්න දැම්ම පොඩි screen

Blogger වල අලුත් HTML Editor එක බාවිත කරන හැටි.

  කලින් ලිවුව tech පොස්ට් එකත් ලිවුවේ බ්ලොග් ලියන අයට කමක් නෑ ඉතින් මේකත් එයාලටම ලියන්නම්.අනික් අයටත් වැදගත් වෙන එකක් ඊළගට ලියන්නම් හොදේ. ඔයාලා කැමති මොනවහරි තියනවනම් මෙතන commment කරලා යන්න ඒ ගැන ලියන්නම්.එහෙනම් දැන් ඉතින් අද මාතෘකාව.මට දකින ආකාරයට  මේ අලුත් HTML Editor එක ගොඩක් බ්ලොග් ලියන අපේ සහෝදරයෝ අනාත කරා. එක නිසා  මම කරපු විරෝදයේ  ප්‍රතිපලයක් විදිහට ලබාගත්තු ප්‍රගතිය මේ බ්ලොග් පොස්ට් එකෙන් එලි දක්ක්වනවා.(ආ අමතක වුනා අද මැයි දෙවෙනිදා නේ අවුලක් නෑ පළවෙනිදා කියලා හිතහන්කෝ :D ) ඔය HTML Editor එක ගැන ඔයාලට තියන ප්‍රදාන ගැටලුව code හොයාගන්න බැරි එකනේ.එකට කරන්න තියෙන්නේ HTML Editor එක උඩ click කරලා ctrl + f  ගහන්න එතකොට මෙන්න මෙහෙම එකක් එනවා    එකේ හොයන්න ඕනි එක ගැහුවහම හරි.එහෙනම් පරශ්න විසදුනා කියලා හිතනවා.මොනවහරි අවුල් තියනවනම් දාන්න comment එකක් .අපි කැපුනා.මතක ඇතුව Join the site 

මේ බල අධිකාරියේ අවසානයද? BarcelonaFC 0-3 FC Bayern München

                      ඊයේ රාත්‍රිය Barcelona කණ්ඩායමේ රසිකයන්ට වගේම ක්‍රීඩකයන්ටත් ඉතාමත් කටුක අත්දැකීමක් එක්කරන්නට Bayern München කණ්ඩායම සමත් වුනා.ඒ ඔවුන් පළමුතරගයේ ලබාගන තිබු ගෝල 4 ඉදිරිය  තවත් ගෝල 3 ලබාගනිමින් ගෝල 0-7 ලෙස අවසන් තරගයට සුදුසුකම් ලබමින්.ඔව්න්ට අවසන් තරගයේදී හමුවෙන්නේ පෙරේදා Real Madrid කණ්ඩායම පරදා අවසන් තරගයට සුදුසුකම් ලැබූ  Dortmund කණ්ඩායමයි. මෙම තරගයේදී  ගෝල වාර්තා කල ක්‍රීඩකයන්වන්නේ   Arjen Robben ,Thomas Müller සහ Gerard Piqué ගේ own goal එක  Bayern München හි ජයග්‍රහණය තවත් පහසු කළා.මොනවා කරන්නද දැන් බලන්න වෙලා තියෙන්නේ ජෙර්මන් final එකක්.කස්ටිය ඉතින් හිත හදාගෙන 25 වෙනිදට එක බලන්න ලැහැස්ති වෙන්න.එහෙනම් මැච් එක නොබලපු අය මෙතිනින් highlight බලන්න . highlight

Real Madrid වල final සිහිනය බොද කල Dortmund

                Real Madrid රසික හදවත් වලට කදුලක් එක් කල රැයක් සනිටුහන් කිරීමට  Dortmund ඊයේ සමත් උනා.ඊයේ පැවති තරගය Real Madrid 2-0 විදිහට ජය ගත්තත් Dortmund කණ්ඩායම් ලබාගන තිබුන ගෝල 3 ඉදරිය නිසා මෙම තරගයේ ජග්‍රහණය සදහා Real Madrid කණ්ඩායම ලබාගත් ගෝල දෙක ඔවුන්ට ප්‍රමාණවත්උනේ නෑ.ඒ ගෝල දෙක ලබාගත්තේ Benzema සහ Ramos නුයි.මෙම තරගයේ ජයග්‍රහණය Dortmund  වෙත ලැබීමෙන් ඔවුන් අවසාන තරගයට සුදුසුකම් ලැබුවා වගේම මේ තරයේ ප්‍රතිපල ක්‍රීඩා ලෝකයේ වෙනස්කම් රැසකට මුල පුරයි කියලා අපිට හිතන්න පුළුවන්. අදත් තියනවා තීරණාත්මක තරගයක් ඒ Barcelona සහ Bayern අතර ඒ තරගයේ විතරත් අනිවරෙන් ඕගොල්ලන්ට හෙට ගේනවා.මැච් එක නොබලපු කස්ටිය මෙතනින් highlight බලන්න.   highlight br />